Saturday, April 23, 2016

මුදිතා

මේක සෑහෙන කාලෙකට ඉස්සර ලියපු පොස්ට් එකක්. වෙන බ්ලොග් එකක තිබුනේ. තැන තැන තියල බෑ කියල තේරිලා දැන් ඔක්කොම එකකට ගෙනාව. ඉතින් මේ පොස්ට් එකටත් අලුත් නවාතැනක්.. ;)
බුද්ධාගමේ කියවෙන සතර බ්‍රහ්ම විවරණ වලින් එකක් තමයි මුදිතාව. මං මෙච්චරකල් අඩුවෙන්ම තේරුම් අරන් තිබුනේ ඕක.
මෙත්තා කරුණා උපේක්ෂා ගැන නිතරම කතාකරන සමාජය මුදිතාවට දෙන්නෙ කුඩම්මාගේ සැලකිල්ල කියලයි මට හිතෙන්නේ. කොහොම උනත් දැන් අපේ අයට අඩුවෙන්ම තියෙන දෙයක් තමයි ඕක.
ඔක්කොටොම කලින් බලමු මොකද්ද මේ මුදිතාව කියන්නේ කියල.
මං දන්නා විදිහට නම් “වෙන කෙනෙක් ගේ සාර්ථකත්වයක් දැකල සතුටු වෙන එක” වගේ දෙයක්. හැබැයි මෙතන වැදගත් ම දේ තමා තමන් ඒකට අයිතියක් කියන්නෙ නැතුව සරල වචනයෙන් කියනවනම් “පැත්තක ඉඳන්” සතුටු වෙන එක තමා ඔය කියන්නෙ. ජීවිතේ ට දන්නෙ නැති කෙනෙක්ට උනත් හරියනවා දැකල සතුටු වෙන එක තමා මුදිතාව කියන්නෙ.
අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. වර්තමාන සමාජයේ ගොඩක් දෙනෙක් ට ඔය කියන ගුණය නැහැ. දෙමව්පියෝ ළමයින් ගේ සාර්ථකත්වය දැකල සතුටු වෙන එක ඕකට අයිති වෙන්න විදිහක් නෑ මට තේරෙන විදිහට. මොකද ඒගොල්ලෝ වෙන ළමයෙක්ගෙ සාර්ථකත්වය දැකල එහෙම සතුටු වෙන්නෙ නැති නිසා. හැබැයි සමහර දෙමව්පියොත් ඉන්නවා එහෙම.
කොහොම හරි. ඕක තමයි කියන්න තියෙන්නේ. බුදු දහම කියන්නේ මගේ මගේ කියල ගොඩ ගහගන්න කියල දෙන ආගමක් නෙවෙයි. ගොඩ ගහන එකේ නිසරු බව කියල දෙන ආගමක්. තන්හාව කියන දේ පොඩ්ඩක් වත් තියාගන්න එපා කියල තමා කියන්නේ. එතකොට ජීවිතේ සතුටින් ගෙවන්න ලෙහෙසියි. තව කෙනෙක් ට හරි යනවා දැකල සතුටු වෙන්න පුළුවන් එතකොට ලෙහෙසියෙන් ම. ඉතින් සතුටු වෙන්න. මැරෙනකන් සතුටින් ජීවත් වෙලා, පොළවට පස් වෙලා යන්න.

No comments:

Post a Comment